කතානායක අයියාගෙන් ගෝඨා මල්ලිට නියෝගයක්

Published in පුවත්
Wednesday, 12 November 2014 09:36

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවෙන් අවි මිලදී ගැනීමක්‌ සිදුකර තිබේදැයි යන ප්‍රශ්නයට වහා පිළිතුරු සපයන ලෙසට කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නියෝග කළේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉහත ප්‍රශ්නය විමසා තිබූ අතර ඊට ඊයේ ද ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පිළිතුරු එවා නොතිබිණි.

ඉන්දීය ආරක්‍ෂක ඇමැතිවරයා ලෝක්‌ සභාවේදී සිදුකර ඇති ප්‍රකාශයකට අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවෙන් අවි මිලදී ගැනීමක්‌ සිදුකර තිබේද? එසේ නම් එම ගනුදෙනුව සිදු කළ වකවානුව, ඉන්දියාව මිලට ගත් ආයුධ වර්ගය, එමගින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම හා එම ගනුදෙනුවල විනිවිදභාවය තහවුරු කෙරෙන වාර්තාව කුමක්‌ද යන්න තලතා අතුකෝරළ මහත්මිය විමසා තිබිණි.

අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන ඇමැතිවරයාට මෙම ප්‍රශ්නය යොමුකර තිබූ අතර පිළිතුරු ලබාදීම සඳහා ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා මාසයක කාලයක්‌ ඉල්ලා සිටියේය. එවිට නැඟී සිටි තලතා අතුකෝරළ මහත්මිය, "කථානායකතුමනි, මම මේ ප්‍රශ්නය අහලා මාස එකොළහක්‌ වෙනවා. අද හතරවැනි දවසටත් කල් ඉල්ලනවා. ඇයි මේ... මේක නිර්මල බෞද්ධ රටක්‌. ඒක නිසාද අවි ගනුදෙනුව ගැන කියන්නේ නැත්තේ....?

දිනේෂ් ගුණවර්ධන මහතා - නිර්මල බුද්ධාගම තියෙන රටක්‌ ලංකාව. බුද්ධාගම ලංකාවට ආ බුදුන් උපන් දේශය සමඟ අමනාපකම් හදන්න එපා.

කථානායක චමල් රාජපක්‍ෂ මහතා - මේ ප්‍රශ්නයට වහාම පිළිතුරු සපයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කරනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us