මංගල අද සවස රතන හිමිගේ රැලියේ

Published in පුවත්
Wednesday, 12 November 2014 09:39

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සතියකට ආසන්න කාලයක් විදේශගතව සිටි එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා අද (12) පෙරවරුවේ යලි දිවයිනට පැමිණ ඇත.

ඔහු අද දහවල් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමටත්, අනතුරුව 'පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාව' විසින් කොළඹ ගංගාරාමය අසල පිහිටි මුත්තයියා පිටියේදී සංවිධානය කර ඇති ජනතා රැලියටත් සහභාගිවීමට නියමිතව ඇතැයි පැවසේ.

මංගල සමරවීර මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පලවී තිබිණ.


මේ අතර, ඊයේ දහවල් සිංගප්පුරුවේදී හිටපු යුධ හමුදාපතිවරයා හමුවී ඇති සමරවීර මහතා, 'පොදු අපේක්ෂකයකු' ඉදිරිපත් කිරීමට අදාළ 'පොදු වැඩපිළිවෙලට' අත්සන් කිරීම සඳහා සිකුරාදාට පෙර ලංකාවට එන්නැයි ආරාධනා කර ඇත.

මේ අතර, 'පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ' සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසන්නේ, ඉදිරි ජනාධිපතිවරණය සහ දේශපාලන කරුණු කිහිපයක්‌ සම්බන්ධව අදින් (12 ) පසුව විශේෂ තීන්දු කිහිපයක්‌ ගන්නා බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us