වන සත්ව අඩවි සහකාර පත්වීම් අධ්‍යක්ෂ ජනරාල් ගේ හිතවතුන්ට Featured

Published in පුවත්
Wednesday, 12 November 2014 11:56

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි සහකාර දෙවැනි ශ්‍රේණිය සඳහා පසුගියදා පත්වීම් ලබා දෙනුලැබූ නිරධාරීන් පිරිසකගේ පිරිසකගේ පත්වීම් අහෝසි කර එම පත්වීම් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හිතවතුන් පිරිසකට ලබා දීමට කටයුතු කෙරෙමින් යන බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ මෙතෙක් පුරප්පාඩුව පැවති වන සත්ව අඩවි සහකාර තනතුරු අසූහයක් සඳහා පසුගිය නොවැම්බර් තෙවනිදා වනජීවී ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලබා දී තිබුණි. මේ සඳහා නිලධාරීන් එකසිය තුනක් සම්මුඛපරීක්ෂණය සඳහා කැඳවා තිබූ අතර එයින් අනූපස්දෙනෙකු ඒ සඳහා මුහුණදී තිබුණි.

මෙම නිලධාරීන් ගේ ජෙෂ්ඨතාවය මෙන්ම පසුගිය ආසන්නතම පස් වසර තුල සිදුකරනුලැබූ වැටලීම්, විපතට පත් සතුන් බේරාගනීම්, වන සතුන් නැවත වනයට මුදා හැරීම්, වන අලි මෙහෙයුම් හා වන අලින්ට ප්‍රතිකාර කිරීම් පිළිබඳව මෙම සම්මුඛපරීක්ෂනයේදී විමසා බලන ලදී. ඒ අනුව වැඩිම ලකුණු ලබා ගත් නිලධාරීන් අසූහය දෙනෙකුට ඉකුත් තුන්වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දී තිබුණි.

නමුත් මෙහිදී අඩු ලකුණු ලබා ගත් වනජීවී අධ්‍යක්ෂවරයාගේ හිතවතුන් නමදෙනෙකුට උසස්වීම් නොලැබීම නිසා මෙම පත්වීම් අහෝසිකර නැවත ජෙෂ්ඨත්වය පමණක් සලකා ප්‍රමුඛතා ලේඛනයක් සකස්කර එම හිතවතුන්ට උසස්වීම් ලබා දීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරමින් සිටී.

ඔහුගේ මෙම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාකලාපය නිසා වනජීවී සංරක්ෂණය වෙනුවෙන් සැබෑ ලෙසම කැපවූ අවංක හා තරුණ නිලධාරීන් පසුබෑමට ලක්වීම ඉතා කණගාටු දායක තත්වයක් බැවින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකිරීම විෂය භාර අමාත්‍යවරයාගේ යුතුකම හා වගකීම බව අවධාරණය කල යුතුය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us