කොළඹ පිහිටි රාත‍්‍රී සමාජ ශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අැත.
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්.ටී.ටී.ඊයට මුදල් ලබා දුන් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.

ඔස්ට්‍රේලියාවේ බිලියනපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේදී සිය කැසිනෝ ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා සූදානමින් සිටී. ඔහු ඒ පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජයත් සමග සකාච්ඡා කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

2015 ජනවාරි  මාසයේදී පාප්වහන්සේගේ  ලංකා  සංචාරය  වෙනුවෙන්  ශ්‍රී  ලංකා  පොලිසිය  විසින්  දැඩි  ආරක්ෂක  සැලැස්මක්  ක්‍රියාත්මක  කිරීමට නියමිතය.

තමන් මේ වන විට රජය සමග කිසිඳු සබඳතාවයක් නොමැති ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු බවට පත්ව ඇතැයි ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේය.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 286ක් ලබා ගැනීමට සමත් විය. 
බිම්බෝම්බ ඉවත් කිරිම සහ අවි ආයුධ පිළිබඳව ශ්‍රි ලංකාව සතුව අැති දැනුම බෙදා ගැනිමට හැකි බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවා හි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි. 

මොරිටේනියා ජනාධිපති මොහොමඞ් එලාසිස් මහතා අද අළුයම ශ‍්‍රී ලංකාවට පැමිණියේය.

අනිද්දා (19) ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි තවත් ඇමෙරිකානු ජාතික ප්‍රාණ ඇපකරුවෙකු වන අබ්දුල් රහ්මාන් කාසිග් ගේ ගෙල සිඳ අමානුෂික අයුරින්ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Connet With Us