ඔවුන් අතර මාලක සිල්වා ගේ පුද්ගලික ආරක්ෂකයෙකු ද සිටින බව පොලීසිය පැවසුවේය. මීට අමතරව සූපවේදියෙකු සහ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුද සැකකරුවන් අතර සිටී. කැළණිය, පන්නිපිටිය, කුරුණෑගල සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචි මොවුන් අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.
කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී පසුගිය පළමු වනදා මෙම පහරදීමේ සිද්ධිය සිදුවූ අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණි. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.