ජනපති මහින්ද ගේ චෝදනා අසත්‍යයි-සොල්හයිම්

Published in පුවත්
Monday, 17 November 2014 13:11
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්.ටී.ටී.ඊයට මුදල් ලබා දුන් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට මේ ආකාරයේ බොරු චෝදනා එල්ල කරන බව එරික් සොල්හයිම් කියා සිටින්නේ යැයි බී.බී.සී සංදේශය අනාවරණය කරයි. 
 
“මැතිවරණය එළඹෙමින් තිබියදී ජනාධිපති රාජපක්ෂ මා පිළිබඳ බොරු කියනවා. මම හෙට සත්‍ය හෙළි කරනවා” යනුවෙන් හිටපු සාම නියෝජිතවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කර ඇත. 
 
“එයාලා සල්ලි දුන්නා ගිහිල්ලා. නොර්වේ ආණ්ඩුව මේ ගැන පරීක්ෂණ කරන්න ඕනි හරියට නම්. කොටි ත්‍රස්තවාදීන්ට සල්ලි ගෙනහින් දුන්නා. ඒවාට සාක්කි අපි ගාවත් තියෙනවා” යනුවෙන් කුරුණෑගල පැවති ජනහමුවකදී පැමිණ සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට එරික් සොල්හයිම් මෙම ප්‍රතිචාරය දක්වා තිබේ. 
 
එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කළ නොහැකි බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා තමාට පැවසූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ එම උත්සවයේදී වැඩිදුරටත් පවසා ඇත. 
 
එරික් සොල්හයිම් 1999 සිට 2006 වසර දක්වා ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු සාම නියෝජිතවරයා වශයෙන් කටයුතු කළේය.
 
ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඕනෑම ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි ලබාදීමට තමා ඉදිරිපත් වන බව එරික් සොල්හයිම් හිටපු නෝර්වේජියානු සාමනියෝජිතවරයා මීට ඉහතදී පවසා ඇතැයිද බී.බී.සී සංදේශය අනාවරණය කරයි. 
 
 ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කළ චෝදනා සම්බන්ධයෙන් සඳුදා අදහස් දක්වන බවද හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් සංදේශයට පවසා තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us