පේරාදෙණියේ 'මාගේ දේශය'ට පරිපාලනයෙන් බාධා

Published in පුවත්
Monday, 17 November 2014 14:43

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මෙම වසරේ 20වන වතාවටත් සංවිධානය කරන”මාගේ දේශය අවදි කරනු මැන” සාහිත්‍ය උළෙළ සංවිධානය කිරීමට පරිපාලනය බාධා එල්ල කර ඇති බව මහා ශිෂ්‍ය සංගමය නිවේදනයකින් මගින් සදහන් කරයි.

එම නිවේදනය පහතින්

”මාගේ දේශය අවදි කරනු මැන” සාහිත්‍ය උළෙළ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය තුල පමණක් නොව මුළු මහත් රටේ සමාජයේම ජාතික අංගයක් බවට පත්වී ඇත. පාසල් ක්ෂේත‍්‍රයේ අංකුර කලාකරුවන් සිට සමස්ථ කලාකරුවා දක්වා සාහිත්‍ය තුළින් පුනරුදයක්ඇති කිරීමට අප බලාපොරොත්තු විය.

මෙවර සාහිත්‍ය උළෙළ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ප‍්‍රමුක විශ්වවිද්‍යාලීය පරිපාලනය අවසර ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඊට හේතුව ලෙස ඔවුන් දක්වනුයේ ස්තුති කිරීමේ කටවුට් 2ක් තබන තුරු අවසර ලබා නොදෙන බවයි. දස දහස් ගණනක් ලාංකේය මිනිසුන්ගේ ශ‍්‍රමය, දහඩිය, කදුළු කැටි කරගත් කැට ආධාර වලින් සංවිධානය වන සාහිත්‍ය උළෙලක් කඩාකප්පල් කිරීම පිළිකුල් සහගත ලෙස හෙලා දකිමු.
සාහිත්‍ය උළෙළට අවසර ලබා නොදීම තුලින් විශ්වවිද්‍යාලය තුල සිසුන්ට භාවිතා කිරීමට ඇති,
x සරත්ච්චන්ද්‍රඑළිමහන් රංග පීඨය

x කලාගාරය

x ක‍්‍රීඩාගාරය

x දේශනශාලා

x වැඩදෙපාර්තුමේන්තුව

x විදුලි දෙපාර්තුමේන්තුව වැනි ආයතන සහයද තහනම් කර ඇත.
සාහිත්‍ය උළෙළට අවසර ඉල්ලා සටන් කරන්නට සිදුවීම මුළු මහත් සමාජයේම පිළිකුලට ලක් වන අතර එසේ අවසර ඉල්ලා සනාතන මන්දිරය අසල කල උද්ඝෝෂණයකදී අදහස් දැක්වූ ශිෂ්‍ය නායකයෙකු පන්ති තහනමකට ලක්කොට ඇත.
මෙලෙස අතතනොමතික ලෙස සාහිත්‍ය උළෙලට උපකුලපති ප‍්‍රමුක විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිදු කරන කඩාකප්පල්කාරී බාධාවන් තරයේ සහ ඊට එරෙහිව සටන් කරන සිසුන්ට පන්ති තහනම් ලබා දී සිදු කරන මර්ධනයද පිළකුල් සහගතව හෙලා දකිමු. විශ්වවිද්‍යාලය අරාජික තත්වයකට පත් කරන මෙවන් බධාවන් හා කුමන්ත‍්‍රණවලට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව සටන් වදින අතර මේ සම්බන්ධයෙන් අඛණ්ඩව ශිෂ්‍ය ක‍්‍රියාමාර්ගවලට එළෙබෙන බවද දනුම් දෙමු.

සභාපති,
මහා ශිෂ්‍ය සංගමය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us