'මට තනි තීන්දු ගන්න බෑ' - රනිල්

Published in පුවත්
Tuesday, 18 November 2014 09:55

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව තමාට තනිව තීන්දුවක්‌ ගත නොහැකි බවත් එය පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌කර ප්‍රකාශයට පත් කරන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ට දැනුම් දී ඇත.

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන ලෙස ගිරාඹේ අනුනාහිමි ඊයේ (17දා) රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් මේ බව දන්වා ඇත.

ජාතික භික්‍ෂු පෙරමුණේ හිමිවරුන් කිහිප නමක්‌ ගිරාඹේ නාහිමි සමග ඊයේ දහවල් විපක්‍ෂ නායක කාර්යාලයට ගොස්‌ කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර නොමැති අවස්‌ථාවක අපේක්‍ෂකයා කවුද යන්න කතා කරනවාට වඩා ඊට සාර්ථකව මුහුණ දීමේ කටයුතු සැලැසුම් කරගත යුතු බවයි.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු පක්‍ෂයේ ව්‍යවස්‌ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්‌ඩලය කැඳවා දැනට ඉදිරිපත්ව ඇති නම් සම්බන්ධයෙන් තීන්දුවක්‌ ගන්නා බව වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා තිබේ.

පක්‍ෂ නායකයා ලෙස තමන්ට ජනාධිපතිවරණයට හෝ වෙනත් මැතිවරණයකට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධව තනිව තීන්දුවක්‌ ගැනීමේ බලයක්‌ නොමැති බව පෙන්වා දුන් හෙතෙම එහි පූර්ණ බලය පැවැරී ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට බව පවසා ඇත.

තමා පුද්ගලික කටයුත්තක්‌ සඳහා විදේශ ගතවන බැවින් එම සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරණය කැඳ වූවොත් කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌කර එහිදී ගන්නා තීන්දුවට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා ප්‍රකාශයට පත් කරන බව වික්‍රමසිංහ මහතා මෙහිදී ගිරාඹේ ආනන්ද අනුනාහිමි ප්‍රමුඛ ජාතික භික්‍ෂු පෙරමුණේ නියෝජිත හිමිවරුන් හමුවේ ප්‍රකාශ කොට තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us