කරූ ජනපති අපේක්ෂකයා කරන්නැයි බලපෑම්

Published in පුවත්
Monday, 17 November 2014 10:11

එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ප්‍රකාශයට පත්කිරීමට අපොහොසත් වුවහොත් එක්‌සත් භික්‍ෂු පෙරමුණ එජාපයේ සියලු කටයුතුවලින් ඉවත් වන බව එක්‌සත් භික්‍ෂු පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනායක හිමියෝ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක්‌ යවමින් සඳහන් කර සිටී.

එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා මැයෙන් වූ එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

“ජනාධිපතිවරණය පවත්වන බවට නම් කිරීමට ඇත්තේ ඉතා සුළු කාලයකි. රජය ගව්ගණනක්‌ ඉදිරියට ගොස්‌ ජනාධිපතිවරණ කටයුතු සිදුකරමින් සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය තවම නිදියහනේ පසුවෙයි. එය අතිශය කනගාටුවට කරුණකි.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශ කරන පොදු අපේක්‍ෂකයා නම් කිරීමේ අයිතිය එක්‌සත් ජාතික පක්‍ෂය සතු වේ. පක්‍ෂයකින් නම ඉදිරිපත් කළත් ඔහු නිර්පාක්‍ෂිකයකු විය යුතු බව එම සංවිධානයේ මතයයි.

එබැවින් කරුණාකර එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් දේශබන්දු කරු ජයසූරිය මහතාගේ නම වහාම ප්‍රකාශයට පත්කරන ලෙස මෙයින් ඉල්ලමු. පක්‍ෂයේ සිටින එකම සුදුස්‌සා මොහුය. සියලු ජාතීන්, සියලු ආගම් හා පක්‍ෂ සියලු කණ්‌ඩායම්වල කැමැත්ත ඔහුටය. කරුණාකර මෙය වහාම ඉටුකරන ලෙස නැවතත් ඉල්ලා සිටිමු. යම් හෙයකින් මෙම ඉල්ලීම ඉටු කිරීමට අපොහොසත් වුවහොත් අප එක්‌සත් භික්‍ෂු පෙරමුණ එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු කටයුතුවලින් ඉවත් වන බව ද දන්වා සිටිමු.“  එම ලිපියේ සඳහන් වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us