සෝභිත හිමි ජනාධිපති හා ගෝඨා සමග සාකච්ඡා

Published in පුවත්
Monday, 17 November 2014 10:02

ඉකුත් බදාදා (12 දා) රාත්‍රියේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අතර හමුවක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී සිදුවී ඇත.

මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාත් සහභාගි වී තිබේ.

මෙහිදී මාදුළුවාවේ සෝභිත හිමි හමුවේ කරුණු දක්‌වා ඇති ජනාධිපතිවරයා, ව්‍යවස්‌ථාවේ සිදුකරන වෙනස්‌කම් පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සාකච්ඡා කෙරෙන බව සඳහන් කර ඇත.

ව්‍යවස්‌ථාව සංශෝධනය ජනාධිපතිවරණය අවසන් වූ පසුව සිදුකෙරෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාත් කරුණු පැහැදිලි කර තිබේ.

වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යයි කියමින්, සෝභිත හිමියන් ඉකුත් සිකුරාදා දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතාගේ මාලඹේ රෝහලට ඇතළත් විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us