ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කසුරී සමුගනියි

Published in පුවත්
Monday, 17 November 2014 10:23

සිළුමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය.

අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යනවිට
'සිළුමිණ' පුවත්පතේ උපදේශක කතුවරයා ලෙස කටයුතු කළේය.

ඔහු 2005 වසරේ සිට 2013 වසර දක්වාම 'සිළුමිණ' පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේය.

ගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භකළ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි මහතා පසුව උපාලි පුවත්පත් සමාගමේ දිවයින පුවත්පතේ සේවයට එක්ව තිබෙන අතර අනතුරුව 'සිළුමිණ' පුවත්පතේ ප්‍රධාන කතුවරයා වශයෙන් කටයුතු කළේය.

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන කරුණාදාස සූරියආරච්චි මහතා කෘති රචනා කිරීම, ගීත නිර්මාණය, කවි නිර්මාණය ඇතුළු විවිධ අංශයන් ඔස්සේ සිය දක්ෂතා පෙන්නුම්කර තිබෙන අතර ‘කසුරිගෙ කොළම', ‘වටරවුම', ‘පකිස්ලන්තය' වැනි තීරු ලිපි ඒ මහතාගේ ජනප්‍රිය නිර්මාණයන් වෙයි.

පසුව උපාලි පුවත්පත් සමාගමෙන් ඉවත් වී ‘සිළුමිණ' පුවත්පතේ කතෘවරයා ලෙස සේවය කළ අතර, සුන්දර නිහතමානී ද මැල් මහතා ‘සිළුමිණ' පුවත්පතේ කතෘධූරය භාර ගැනීමෙන් පසු සූරියආරච්චි මහතා ‘සිළුමිණ' උපදේශක කතෘ පදවියට පත්කරන ලදී.

මේ අතර ඒ මහතා විසින් රචිත ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඇති අතර රතු ඉද්ද, මම තවම යමි, කළු දෝංකාරය සහ කන්ද පාමුල ඉන් කිහිපයකි.

කලක්‌ ඉරිදා දිවයින නියෝජ්‍ය කර්තෘ පදවිය මෙන්ම, නවලිය කර්තෘ පදවිය හෙබ වූ ඒ මහතා එක් දරු පියෙකි.

ඔහුගේ දේහය මේ වන විට ගම්පහ, බණ්ඩාරවත්තේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබේ.

අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ලැබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us