ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කිරීම 19 දාද?

Published in පුවත්
Monday, 17 November 2014 10:35

අනිද්දා (19) ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ලබන අතර දින 45 ක කාලයක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නියමිතය.

මේ අතර පසුගිය දින කිහිපය තුළදි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විවිධ අදහස් පළ කරයි.

පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ 19 වන දිනෙන් පසු එළඹෙන ඕනෑම දිනකදි ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරිමේ හැකියව පවතින බවයි.

එමෙන්ම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා කියා සිටියේ ඉදිරි පැය 72ක තුළ දි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ පළමු ප්‍රවෘත්තිය දැන ගැනිමට හැකියාව පවතින බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us