රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇති බව  එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී අද(21) ප්‍රකාශ කළේය.

අද(21) කොළඹ නව නගර ශාලාවේ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව දැනුම් දීමේ මාධ්‍ය සකච්ඡාව අතරේදී ඊට සහභාගීවී සිටි රජිව විජේසිංහ මන්ත්‍රීවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් SMS පණිවිඩයක් එවමින් වහාම තම නිල රථය බාර දෙන ලෙස දන්වා තිබේ.

නිලන්ත ඉලංගමුව

ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කකුල කටේ දමාගෙන ඇත. දැන් ඇත්තේ එය ඔහුට හැපීමට ඉඩදී බලා සිටීම පමණි. ඔහුගේ ඇඳුම් ඔහු විසින්ම ගලවා ගනු ඇත. ඔහුගේ බලය ඔහු විසින්ම දියකර ගනු ඇත.

සුපිරිසිදු නායකත්වයක් මෛත්‍රී පාලනයක් යන බැනරය යටතේ මේ වනවිට කොළඹ නවනගර ශාලාවේදී මාධ්‍ය හමුවීමක් පැවැත්වෙයි.

ඇමැති ජනක දුකින්

Published in පුවත්
Friday, 21 November 2014 14:36

පාර්ලිමේන්තුව කුඩු කාරයින්, එතනෝල් කාරයින්ගෙන් පිරි ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව 'පොදු අපේක්ෂකයකු' ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන්නේ නම්, ඔහු එජපයේද සහාය ඇති පොදු අපෙක්ෂයකයා ලෙස තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පාවාදීම් කියන්නේ මේ රටේ හැමදාම සිදුවූ දෙයක් බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා කියයි.

එය ‍‍ඓතිහාසිකව තුරන් වෙන ලක්ෂණයක් නොවන බවත්, රාජසිංහ යුගයේද ඇහැළේපොළ නිලමේ විසින්ද පාවාදීම් සිදුකළ බවත්, ඇමතිවරයා කියා සිටියේ අද (21)_ පැවැති මාධ්‍ය හමුවකදීය.

අතුරලියේ රතනහිමිට තර්ජනයක් හෝ ජීවිත හානි සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් ගත යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

එහි මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

ඉදිරියේදී රටට වැඩි සේවයක් කිරීමට තමන් බලාපො‍රොත්තු වන බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ නව ආගමන විගමන සැලැස්ම ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලියන පහකට වැඩි අනවසර සංක‍්‍රමණිකයෝ ඇමරිකා ප‍්‍රදේශවල රැදි සිටිති.

Connet With Us