පොදු අපේක්ෂකයා කවුරු වුණත් අන්තිමේ යන්නේ හිරේට!

Published in පුවත්
Friday, 21 November 2014 13:40

පාවාදීම් කියන්නේ මේ රටේ හැමදාම සිදුවූ දෙයක් බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා කියයි.

එය ‍‍ඓතිහාසිකව තුරන් වෙන ලක්ෂණයක් නොවන බවත්, රාජසිංහ යුගයේද ඇහැළේපොළ නිලමේ විසින්ද පාවාදීම් සිදුකළ බවත්, ඇමතිවරයා කියා සිටියේ අද (21)_ පැවැති මාධ්‍ය හමුවකදීය.

පසුව එකී ඇහැළේපොළ නිලමේවරයාට ද හිරබත් කන්නට සිදුවූ බව පාවාදෙන්නන්ට එවන් ඉරණමක් අත්වන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ විපක්ෂ නායකධූරය රැක ගැනීම සඳහා තුන්කුළුදුල් බිලි සොයමින් සිටින බවත්, මීට පෙරාතුව 2010දී සේනාධිනායක හා යුදහමුදාපති ඝට්ටනයක් ඇතිකොට සරත් ෆොන්සේකා මහතා බිලිදුන් බවත් පෙන්වාදුන්නේය.

සරත් ‍ෆොන්සේකා මහතාට මේවන විට මොළේ පෑදී ඇති බවත්, ඔහුගේ මෑතකාලීන ප්‍රකාශවලින් එය තහවුරු වන බවත්, විපක්ෂයට පොදු අපේක්ෂකයෙකු නොමැති නිසා කවුරුන් හෝ ඉදිරිපත් වන තැනැත්තාට මොළය දීමේ හැකියාවක් තමාට නැති බවත්, වීරවංශ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ලබන වසරේ අප්‍රේල් මැයි වන විට එසේ බිල්ලට ඉදිරිපත් වන පුද්ගලයාට මොළය පෑදිය හැකි බව වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ අද පෙරවරුවේ පැවැති පත්වීම් ලබාදීම් උත්සවයකදී සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ තමා ඉදිරියේදී මීට වඩා රටට සේවය කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගේ විමසා සිටියේ පොදු අපේක්ෂකයා වීමට ඉදිරිපත් වන බවට පළවන පුවත්වල සැබෑවක් ඇත්ද යන්නයි.

එවැනි ආරංචි පැතිරෙන බවත්, ඒ පිළිබඳව මේ මොහොතේ යමක් පැවසිය නොහැකි බවත්, කාලයට ඉඩදිය යුතු බවත්, එසේ වුවද කාලයට ඕනෑවටත් ඉඩදිය යුතු නැති බවත්, හෙතෙම සඳහන් කළේය.

(අදදෙරණ)

Last modified on Friday, 21 November 2014 13:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us