එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පෙරවරුවේ පැවති විශේෂ රැස්වීමකදී ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා විපක්ෂ නායකවරුන් ඇතුළු 65 දෙනෙකුට අසන්න පිරිසක් මෙම සාකච්ජාවට සහභාගී වී ඇත.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය මහතා ද සහභාගිවූ මෙම රැස්වීමේදී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමද සාකච්ජාවට ලක්ව ඇත.