News Items (18842)
කළුතර කැලිඩෝ වෙරළේ සිදුවන කැස්බෑ සංහාරය පාලනය සඳහා පියවර ගන්නේ කවදාද ?
කළු ගඟ මුහුදට ගලා බසින මෝය අශ‍්‍රිතව කළුතර කැලිඩෝ වෙරළේ මේ වනවිට මහා පරිමාණයෙන් සාගර කැස්බෑවන් මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බව අප සංවිධානයට තොරතුරු ලැබී ඇත. නමුත් කලක සිට සිදුකෙරෙන මෙම කැස්බෑ සංහාරය පාලනය කිරීම සඳහා කිසිවකුත් මේ දක්වා උනන්දුවී නොමැතිබව අපගේ වැටහීමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ගණනාවක් මහජන මුදලින් යැපෙන රටක මෙසේ ජාතික සම්පත් වැනසී යමින් තිබියදී අදාල බළධාරීන් නිද්‍රා සහගතව පසුවීම අවාසනාවකි.
පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇති බව හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන කොමසාරිස්වරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නිලන්ත ඉලංගමුව
ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.
ධීවරයින් අත්අඩංගුවට ගැනීම ගැන තම්ල්නාඩුවේ විරෝධය
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
