මෛත්‍රීපාල දුන් පත්වීම් අහෝසියි !

Published in පුවත්
Tuesday, 25 November 2014 09:43

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල පත්වීම් 1500 පමණ වහාම අවලංගු කරන ලෙස සෞඛ්‍ය ‍අමාත්‍යාංශ ලේකම් සුදර්මා කරුණාරත්න මහත්මිය විසින් රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ඊයේ (24) චක්‍ර‍ලේඛනයක් මගින් දන්වා ඇත.

මෙසේ පත්වීම් ලැබූ සේවක සේවිකාවන්ගේ පත්වීම් ලිපිවල සෞඛ්‍ය ‍ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්සන් තබා නොමැති බවත් එසේ ඔවුහු අත්සන් තබා නොමැති පත්වීම් නීත්‍යානුකූල නොවන බවත් සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ සිය තනතුරු අතහැර යන බව දැන දැනම මෙම පත්වීම් ලබා දීමෙන් ‍පොළොන්නරුව, කෑගල්ල ඇතුළු නගර කීපයක පත්වීම්ලාභීන් අසරණ වී ඇතැයි සංගමයේ සභාපති ටී.එච්. සෝමරත්න මහතා පැවසීය.

මෙසේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් ලෙස පත්වීම් ලැබූ ඔවුන් පත්වීම් ලැබූ රෝහල් අවට මුදල් ගෙවා නවාතැන් ලබා ගෙන ඇතැයිද පත්වීම් අහිමි වුවහොත් පත්වීම්ලාභීන් විශාල අපහසුතාවයකට පත් වන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ නමුත් කොළඹ ජාතික රෝහලට මෙසේ පත්වීම් ලැබ පැමිණි පිරිස ඊයේ (24) දහවල් සෞඛ්‍ය අමාත්‍යංශය අසල උද්ඝෝෂණයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ අත්සනින් යුතුව සේවකයින් අතට ලිපියක් පත් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us