විශේෂ ප්‍රකාශ දෙකක් සිදු කරමින් මන්තී‍්‍රවරුන් දෙදෙනා පෙන්වා දුන්නේ තමන්ට ජනතාව විසින් ලබාදුන් ඡන්දය මුදලට පාවාදීමට කිසිසේත් සූදානම් නොමැති බවයි.
පාලිත තෙවරප්පෙරුම සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්තී‍්‍රවරුන් ඉදිරියේදී ආණ්ඩුව සමග එක්වන බවට ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබිණ..
සමාජ ජාල වෙබ් අඩවිවලද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ බවද පාලිත රංගේ බණ්ඩාර මහතා සිය කථාවේදී කියා සිටියේය.
එහෙත් එම ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බවත් පාලිත රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම මන්තී‍්‍රවරුන් කියා සිටියහ.