මම යන්නේ එජාප ආණ්ඩුවකට -තිස්ස

Published in පුවත්
Tuesday, 25 November 2014 09:47

තමා ආණ්ඩුවට යන බවට පැතිරයන කතාවල කිසිඳු සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

‘මේ මොන බොරු කතාවක් ද? මං ආණ්ඩුවට යන්නේ නෑ. මේක මේ හිතා මතා යවන බොරු ප්‍රචාරයක්. මං යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට තමයි.‘ ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අත්තනායක මන්ත්‍රීවරයා සහ තවත් එජාප මන්ත්‍රීවරියක ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවට වාර්තා පළවෙමින් තිබිණ.

මේ සම්බන්ධයෙන් 'බිබිසි සංදේශය' කල විමසීමකදී අත්තානයක මහතා කියා සිටියේ, තමා එක්සත් ජාතික පක්ෂය හැර දමා ආණ්ඩුවට එක් වන බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බවයි.

කෙසේ නමුත් ඉතා ඉක්මනින්ම තමන් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බව, අයවැය පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරවාරයේ අත්තනායක මන්ත්‍රීවරයා 'බීබීසී සංදේශය' කළ විමසීමකදී කියා සිටියේ ය.

සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට නොපැකිලව පිළිතුරු දෙමින් සුහදව කටයුතු කරන එජාප මහ ලේකම්වරයා මෙසේ ඔවුන්ගේ ප්‍රශ්නවලින් මඟහැර යාම අසාමාන්‍ය තත්වයක් බව මාධ්‍යවේදීහු පවසති.

කෙසේවුවද, ඊයේ (24) අයවැය පිළිබඳ ඡන්ද විමසීමේදී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එයට විරුද්ධව ඡන්දය දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us