හල්දුම්මුල්ලල මීරියබැද්ද නායයෑමට හේතුව එල්නිනෝ තත්ත්වයක ප්රරතිඵලයක් ලෙස යැයි හුවා දැක්වීමට මේ වන විට උත්සාහ දරමින් තිබේ
නමුත් මෙම ශෝචනීය ඉරණමට ජනතාව ගොදුරු කරවූයේ මධ්යදම කඳුකරයේ ස්වභාවික පැවැත්ම විනාශ කරමින් වේගයෙන් සිදුකරගෙන යන සංවර්ධන ක්රිරයාවලියක නාමයෙන් සිදුකරගෙන යනු ලබන විනාශකාරී ක්රිදයාදාමයක ප්රරතිඵලයක් විසින් යැයි අප විශ්වාස කරමු
1905 න් පසු විදේශිකයන් විසින් මෙරට තේ, කෝපි, රබර් වගාවන් වෙනුවෙන් විශාල වශයෙන් මධ්‍යම කදුකරය එළිපෙහෙලි කළ අතර ඉතුරු වු වනාන්තර ස්වල්පය ද සංවර්ධනයට යැයි කියා මෙරට පාලකයන් විසින් එළිපෙහෙලි කරන ලදී. එහි දරුණු ප‍්‍රතිඵල වූයේ මධ්‍යම කදුකරයේ නායයෑම් වඩා තියුණු වීමයි.
මධ්‍යම කදුකරයට කරන විනාශය එයින්ද නතර නොකොට 1948න් පසු මධ්‍යම කදුකරයේ ජල මූලාශ‍්‍ර පදනම් කරගනිමින් විශාල ජලාශ ඉදිකරන්නට විය. එහි ප‍්‍රතිඵලය වුයේ ජල ගබඩාවක් වන මධ්‍යම කදුකරයේ භූගත ජල මට්ටම දරාගත නොහැකි ලෙස ජලාශ අවට ඉහළයාමත් පස හා ජලය නිසා දියාරු පසක් නිර්මාණය වීමත් ය.
එලෙස නිර්මාණය වු (Debris) මතුපිට පස් පසුගිය දශක කිහිපය ඇතුළත සුළු වශයෙන් නායයාම ආරම්භ වු අතර සංවර්ධන යැයි කියා මධ්‍යම කදුකරය විනාශ කිරීම දැවැන්ත ලෙස මෙම නායයෑම වලට හේතුවිය.
විශේෂයෙන්ම මීරියබැද්ද නායයෑමටද උමා ඔය ව්යා පෘතිය විසින් මධ්යතම කඳුකරය මතින් සිදුකරගෙන යනු ලබන ක්රිනයාකාරකම් මත ඇතිවූ විනාශයන් හේතු වී ඇත එයට හොඳම උදාහරණය වන්නේ ඩයබරා සිට රාවණා ඇල්ලට මදක් පහලට වනතුරු කිලෝ මීටර 23 ක් අභ්ය න්තරයට විහිදී යන සේ උමඟක් මහා පරිමාණ යන්ත්රී සූත්රය යොදාගනිමින් හාරමින් තිබීමයි.
මාතැටිල්ල ඔය අසලින් ආරම්භ වී රාවණා ඇල්ලට පහළින් මතු වන කිලෝමීටර් 23 දිග උමං මාර්ගය සැකසීම සඳහා මෙරට උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වු ඉංජිනේරුවන් විසින් ග‍්‍රල් ඇන්ඞ් බ්ලාස්ට් ක‍්‍රමවේදය හා ග‍්‍රිරිලින් ක‍්‍රමවේදය යොදාගෙන ඇත. කුමන ක‍්‍රමවේදයක් යොදාගත්ත ද අඩු වැඩි වශයෙන් දෙදරීම් සිදුවේ. මෙලෙස කදුවල සිදුවන දෙදිරීම් (Vibration) නායයෑම් වලට මූලික හේතුවක් වන අතර ලෙව පුරා එවන් අත්දැකීමි විශාල වශයේන් ඇත.
19 වන සියවසර මුල් මුල්භාගයේ කළ මෙවන් ව්‍යාපෘතීන් නිසා ප‍්‍රංශයේ නැගෙනහිර ප‍්‍රදේශයේ නායයෑමෙන් මිනිසුන් 450 ට වැඩි ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වු අතර ගම්මාන ගණනාවක් විනාශ වී ගියේ ය.
20 වන සියවසේ මුල් භාගයේ ඉතාලියේ වාජෝන් ගම්මානයට ආසන්නව සිදුකරමින් තිබුණු උමං හෑරීම සහ ජලාශ‍්‍ර ඉදිකිරීම නිසා නායයෑමෙන් 2500 ට වැඩි පිරිසක් මිය ගියේ ය. එසේම පැනමා ඇළ කැනීමේ දී ඒ අවට කදුපන්ති හැටහය වතාවක් නායගොස් ඇති අතර පරිසර පද්ධතිය තුළින් උමං මාර්ග හෑරීමේ දී හා ජලාශ ඉදිකිරීමේ දී ලොවපුරා මෙලෙස විශාල වශයෙන් නායයෑම් සිදු වී ඇත.
ඔමෙන්ම උමා ඔය ව්යා්පෘතිය හා සම්බන්ධ හේතු ගණනාවක් මේ තත්ත්වයට සෘජුවම වගකිය යුතුයැයි අප අවධාරණය කරමු.
මධ්යයම කඳුරකරයේ ජල පෝෂක ප්‍රදේශ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සිදුකරමින් පවතින මෙවැනි විනාශයන් මගින් මතුපිට පාෂාණ ස්ථරය හා මව් පාෂාණ ස්ථරය අතර සම්බන්ධතාවය බිඳී ගිය පසු ජලය ලීටර් ලක්ෂ ගණනක් එම හිදැස් අතර එක්රැස් වේ එහි අවසාන ප්රවතිඵලය වන්නේ මතුපිට පාෂාණ ස්ථරය ලිස්සා යාම හා එක්රැස් වූ ජල කඳ ගලායාම ආරම්භ වීමයි මෙය දිය හෙණයක් ලෙසද හඳුන්වනු ලැබේ.
මධ්‍යම කඳුකරය කේන්ද්‍රණකර ගනිමින් මහාමාර්ග ඉදිකිරීමල විශාල ජල ව්යා පෘති ඉදිකිරීම ඇතුළු අනෙකුත් විනාශයන් වල ප්‍රතිඵලය මෙවැනි ඒවා වන අතර මෙම සංවර්ධන ක්‍රියාවලියේ අවසානය වන්නේ මෙවැනි සමාජීය ව්යාවසනයන්ට කිසිත් නොදන්නා අසරණයන් ගොදුරු වීම පමණි.
උමා ඔය ව්‍යාපෘතිය ආරම්භයේ දී මෙම ප‍්‍රදේශ නායයෑමේ අවධානමක් ඇති බව මෙරට විද්වතුන්, පරිසර සංවිධාන අවධානයට යොමු කර තිබුණ ද ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා මධ්‍යම කදුකරය විනාශ කරන ලදී.
කෙසේ වෙතත් උමා ඔය ව්‍යාපෘතියේ උමග කැනීම ආරම්භ වූ දා පටන් ඩයබරා, මාතැටිල්ල ඔය ඉවුරු හා ඒ ආසන්න ප‍්‍රදේශ විශාල වශයෙන් නායයෑම ආරම්භ විය. එහි තවත් එක් ප‍්‍රතිඵලයක් වන්නේ මිරියබැද්ද නායයෑමයි.
නමුත් මේ නායයෑමේ සිද්ධිය හා ඉදිරියේ දී සිදුවන සියලූ විපත් ස්භාදහමේ වරදින් හෝ මිනිසුන්ගේ වරදින් පමණක් සිදු වූයේ යැයි කියා පාලකයන් ඇග බේරාගෙන තවත් තවත් වඩා හොදින් පරිසරය විනාශ කර මධ්‍යම කදුකරය දැවැන්ත ලෙස හානිකිරීමට අවශ්‍ය සියලූ දේ සිදුකරමින් ඇත.
උමා ඔය ව්‍යාපෘතියෙන් නතර නොවී 2032 වන විට නිමකිරිම සදහා මධ්‍යම කදුකරය හා ඒ අවට ප‍්‍රදේශවල කුඩා විදුලි බලාගාර 108 ක් ඉදිකරමින් සිටී. එමෙන්න හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ කාමර 2000 ක හෝටලයක් සහ ගෝල්ෆ් පිටියක් ඉදිකිරීම වෙනුවෙන් මාර්ග ඉදිකරමින් සිටී.
එහෙත් මහපොළොව විනාශ කිරීමේ ප‍්‍රතිඵල මිරියබැද්ද මිනිසුන්ට පමණක් නොව ඉදිරි වසර කිහිපය තුළ මධ්‍යම කදුකරයේ මෙම අමිහිරි සිදුවීම. තව තවත් ප‍්‍රදේශවලට දැනෙනු ඇත. එවිටත් මෙම පාලකයන් සියලූ වැරදි මිනී ගණන රටට කීමෙන් සිය වීලී වසාගැනීමටත් වරද ස්භාදහමට පැටවීමටත් උත්සහ දරනු ඇත.
රවින්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථාන