එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අද නිවේදනය කළේය. දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන්වරුන් වෙත අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දස දහසක පමණ සංඛ්‍යාවකට ලබාදීමට නියමිතව තිබු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

නිලන්ත ඉලංගමුව

අහෝ ඛේදයකි! කිසිඳු ගැලපීමක් නැති කරුණක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ බිරිඳ සමඟ ගලපමින් රනිල්ට ඇති අවස්ථා හෙලිකිරීම, වතමන් දේශපාලන සුනාමියට හසුවී සිටින රාජපක්ෂගේ පළමු ප්‍රතිචාරය විය. මෙවැනි කතාන්තර ගොතන අයවලුන් හැඳින්වීම සඳහා විවිධ මට්ටමේ වාග්මාලාවන් අපේ සුන්දර වූ මව් බසෙහි ඇත්තේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකෙයකු වන මිල්ටන් මහතා ගේ මාදම්පේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 12.20 ට පමණ අවස්ථා දෙකක දී වෙඩි ප්‍රහාර එල්ල කොට ඇත.

දෙවැනි වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මිල්ටන් මහතා ගේ නිවසට සැතපුම් 4 කට පමණ දුරින් පිහිටි සුදේශ් ප්‍රියංකර මහතා ගේ නිවසටය. ප්‍රහාරයන් දෙකන්ම කිසිදු අයෙකුට තුවාල සිදුවී නෙමැති අතර දේපල අලාභ ද සිදුවී නැත.

පක්ෂ දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට කැපවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සිය කාර්යාලයේ බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා චීන ජනපති ෂී ජින්පිං හමුවීමට ඔහු පැළැඳගෙන ගිය කැඩුණු සපත්තුව හේතුවෙන් ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්විය.

විපක්ෂයේ පොදු අපේකෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ භූමිකාව මෙගා ටෙලිනාට්‍යයක ප‍්‍රධාන චරිතය හා සමාන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 
 
කොළඹදී ඊයේ(22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා  සිටියේය.

අද සවස 7.30 සිට සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සටන වැඩසටහන නැරඹීම ටෙලිකොම් ආයතනයේ පියෝ ටීවී සහ ඩයලොග් ටීවී චන්ද්‍රිකා රූපවහිනී චැනලයන් මඟින් අවහිර කිරීමට රෙජීමය විසින් කටයුතු කර තිබිණි.

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව අඩු කර අැත. 
ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සහය පළ කරන බව පිවිතුරු හෙටක් ජාතික සභාව පැවසුවේය.එහිදී උන්වහන්සේ පවසා සිටියේ පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරගැනීම සදහා  පිවිතුරු හෙටක් ජාතික සභාව විශාල කැපකිරීමක් කළ බවය.එම කාර්ය දැන්  සාර්ථක කරගෙන අැති බවද සදහන් කළේය.

Connet With Us