පොළිස් නිලධාරීන්ගේ මාරුවීම් කල් යයි

Published in පුවත්
Sunday, 23 November 2014 15:20

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දස දහසක පමණ සංඛ්‍යාවකට ලබාදීමට නියමිතව තිබු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ ගත් තීරණයකට අනුව ලබන ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් දස දහසක පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිතව තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස් කොස්තාපල්වරුන්, සැරයන්වරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් ඒ අතර වන බවයි ඔහු පැවසුවේය.

ඉන් වැඩි පිරිසක් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට අනෙක් ප්‍රදේශවලටත් එම ප්‍රදේශවල සිට උතුරු නැගෙනහිර පළාත්වලටත් මාරු කර යැවීමට සැලසුම් කර තිබී ඇත.

තාවකාලිකව නතර කර ඇති මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Last modified on Sunday, 23 November 2014 15:22

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us