තැපැල් ඡන්දයට අයදුම්පත් කැදවයි

Published in පුවත්
Sunday, 23 November 2014 15:38

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කළ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය අද නිවේදනය කළේය. දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීන්වරුන් වෙත අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා ප‍්‍රකාශ කළේය.

ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කොට සිය නම නිසි පරිදි එහි සඳහන් වී තිබේදැයි නිරීක්ෂණය කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළා. සියළුම රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්ද භාවිතයට අවසර හිමි වන අතර ඊට අදාළ ඉල්ලූම්පත් භාර ගැනීමේ කටයුතු දෙසැම්බර් මස හතර වනදායින් නිමාවට පත් කෙරේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට මෙවර බල පැවැත්වෙන්නේ 2014 ඡන්ද හිමි නාම ලේඛනයයි. එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතර දහස් හාරසීය අනූ දෙනෙකු එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී.

ඡන්ද නාම ලේඛන ග‍්‍රාම සේවා කාර්යාලවල ප‍්‍රදර්ශනය කිරීමටද පියවර ගෙන තිබේ. එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතු දෙසැම්බර් මස අටවනදායින් නිමාට පත් කිරීමට සැළසුම් කර ඇත. ජනවාරි මස අටවනදා ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us