මෙහිදී වැඩිම අවධානය යොමුව ඇත්තේ බස්‌නාහිර පළාත් සභාවට වන අතර ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහාත් මහජනතාව තුළ යම් පිබිදීමක් ඇතිකිරීම සඳහාත් එය අතිශය වැදගත් බව විපක්‍ෂයේ අදහස වී තිබේ.
මේ සඳහා බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් කීපදෙනකු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්‌ඩායමට එක්‌වීමට නියමිතය.
බස්‌නාහිර පළාත් සභා අයවැය දෙසැම්බර් 1 සිට 4 දක්‌වා පැවැත්වේ. අතිශය ජනප්‍රිය චරිතයක් හා තවත් කලකිරුණු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එලෙස එක්‌වන බව සඳහන් වේ.