පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ කළේ ඔහුට ලබාදී තිබූ කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අද(22) උදෑසන සිටය.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙන ආරක්ෂාව ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හා උතුරු මැද ප්‍රදේශ භාර පොලිස්පතිවරයා මගින් පොළොන්නරුව පොලිසියට දැන්වීමෙන් අනතුරුව අදාළ ආරක්ෂක නිලධාරින් සිය රාජකාරි කටයුතු වලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.