පිවිතුරු හෙටක් මෛත‍්‍රී ගේ සහායට

Published in පුවත්
Saturday, 22 November 2014 16:40
ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සහය පළ කරන බව පිවිතුරු හෙටක් ජාතික සභාව පැවසුවේය.එහිදී උන්වහන්සේ පවසා සිටියේ පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරගැනීම සදහා  පිවිතුරු හෙටක් ජාතික සභාව විශාල කැපකිරීමක් කළ බවය.එම කාර්ය දැන්  සාර්ථක කරගෙන අැති බවද සදහන් කළේය.
 කරුණු දැක්වූ එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්,
 
'දැන් අපේ කාරණය තමයි, එතුමා ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය කුමක්ද. එම ප්‍රතිපත්තියත් සමග කොහොමද අනුගත වෙන්නේ, ඉදිරි සැලසුම් මොකක්ද කියලා එතුමා එක්ක සාකච්ඡා කරන්න ඕන. ඉන්පසු ඔහුට සහය දෙනවා.දැනට අපි පුද්ගලයෙක් හැටියට මෛත‍්‍රීපාල මැතිතුමාට සම්පුර්ණයෙන්ම සහය පළකරනවා. '
 
 ජාතික හෙළ උරුමය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට එළඹී නොමැත.
 
 එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ තවම කිසිම අපේක්ෂකයෙකුට සහය දීමට තීරණය කර නොමැති අතර මොහොතින් මොහොත මේ දේශපාලන තත්වයන් වෙනස්වෙමින් වර්ධනය වෙමින් පවතිනනිසා මෙම තත්වයන් නිරීක්ෂණය කරමින් සිටින බවයි.
 
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කාටදැයි තීරණය කිරීම සඳහා ජාතික හෙළ උරුමයේ ඉහළ පෙළේ නිලධාරීන් අද හෝ හෙට සාකච්ඡා කර වසන් එකඟතාවකට එළැඹෙනු ඇති බවය.
 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us