ගාල්ලේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙසේ කීය.
‘මට මේ ආණ්ඩුවෙන් සැලකුවේ නැහැ. මේ නායකයන් මට සැලකුවේ නැහැ. මම අවුරුදු 26ක් ගාල්ලේ දේශපාලනය කළා. පක්ෂය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. හිරෙත් ගියා. මට තරම් වෙන කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. ඒත් මා දිගටම ජනතාව සමඟ සිටිනවා’
කෙසේ වෙතත් බාධක අභියෝග මැද වුවත් ජනතාවට ඉදිරියටත් සේවය කරන බව ඔහු පවසා ප්‍රතිඥා දුන්නේය.
ආණ්ඩුවෙන් ඉවත් වීමට සිටින ශ්‍රිලනිප ජේෂ්ඨයින්ගේ කණ්ඩායමට පියසේන ගමගේ මහතාගේ නම ද ඇතුළත් බව අාරංචි මාර්ග පවසයි.