මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවීමෙන් පසු දින 100ක් තුළ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව පැවසූ බවත්, ඔහු එය සිදුකරනු ඇති බවට විශ්වාසයක් ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ.

යුක්රේන සාම ගිවිසුමට ගරු නොකරන්නේ නම්, රුසියාව තවදුරටත් හුදෙකලා කිරීමට සූදානම් බව ඇමරිකාව පවසයි.

නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්‌ත්‍රික්‌ක තුන හැර සෙසු සෑම දිස්‌ත්‍රික්‌කයකම පාහේ ඩෙංගු මදුරු කීට ඝනත්වය එම ඝනත්වය මනිනු ලබන දර්ශකයෙහි 10 කට වඩා වැඩි අගයක පවතින බව කීට විද්‍යා සහකාර නිලධාරීහු සදහන් කර සිටිති.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ එල්.ටී.ටී.ඊ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරීමට එම්.එම්.කේ පක්ෂ නායක වයිකෝ ඇතුළු පිරිසක් සුදානම් වන බවට තොරතුරු වාර්තාවී අැත. මෙම උපන්දින සැමරුම තහනම් කරන ලෙස බී.ජේ.පී පක්ෂය ඉල්ලීමක් කර තිබේ.

ජනපතිවරණය ජනවාරි 8

Published in පුවත්
Saturday, 22 November 2014 10:16
මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි මස 08 වැනිදා පැවැත්වේ.

ශ‍්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය වන පරිදි ධීවර කටයුතු වල නිරත නොවන ලෙස ඉන්දීය මධ්‍යම රජය එරට ධීවරයින් වෙත උපදෙස් ලබාදී අැත. විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා සුවරාජ් මහත්මිය නවදිල්ලි නුවරදී හදිසි සාකච්ඡාවක් කැඳවමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත‍්‍රික් නව සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත් කර අැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා ආමාත්‍යවරයා පත් කර තිබේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පෙරුමාල් රාජතුරෙයි මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වි ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්වීම බරපතල පහරක් සහ පාඩුවක් වුවත් ජනපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.

Connet With Us