ජඩ පාලන ක්‍රමය වෙනස් කරන්න මගේ උපරිම සහයෝගය දෙනවා

Published in පුවත්
Friday, 21 November 2014 21:54
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස තමාට බොහෝ ඉල්ලීම් ලැබුණු බවත්, තමන් විසින් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
තමාට බලයට පෙරේතකමක් නොමැති බවත්, දේශපාලන කටයුතුවලට එළඹීම සම්බන්ධයෙන් දරුවන් පවා විරුද්ධවන බවත් ඇය කියා සිටියේ අද(21) කොළඹ, නවනගර ශාලාවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එකතුවී මෙම ජඩ පාලන ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ ගනිද්දී ඊට තමන්ගේ සහයෝගය ලබානොදීම මහා ද්‍රෝහිකමක් ලෙස හැඟුණු හෙයින් මෙම අවස්ථාවට එක්වූ බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.
 
පක්ෂයේ කැප කිරීම් කළ අයට ද්‍රෝහිකම් කරමින්, පක්ෂයත් රටත් ඉතාම සුළු පිරිසකගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කිරීම දෙස වසර 9ක කාලයක් නිහඬව බලා සිටි බවත්, තමාගෙන් දෙස් විදෙස් මාධ්‍ය සම්මුඛ සාකච්ඡා ඉල්ලද්දී ඒවා හෝ ලබානොදී සිටියේ නිසි අවස්ථාව එළඹි පසු කතා කිරීමට බවත් ඇය පෙන්වා දුන්නාය.
බලයේ සිටින ප්‍රධානීන් තමාට විශාල වශයෙන් වධහිංසා කළ බවත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග හෝ නොගෙන කටයුතු කරනු ලැබුවේ තමාට කැත වැඩ කිරීමට පුරුද්දක් නොමැති නිසා යයිද ඇය සිහිපත් කළාය.
 
කෙසේ වුවද රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමටත්, පක්ෂය වැටී ඇති අර්බුදයෙන් නඟා සිටුවීමටත් තමා මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතාට උපරිම සහයෝගය ලබාදෙන බවත්, හිටපු ජනාධිපතිනිය ලෙස තමාට ලැබිය යුතු වරප්‍රසාද බොහෝ අහිමි කර ඇති තත්ත්වයක් තුළ මෙම අවස්ථාවෙන් පසු ලැබුණු වරප්‍රසාදද අහිමිකරනු ඇති බවත් කුමාරතුංග මහත්මිය කියා සිටියාය.
 
රටේ සම්පත් මේවන විට පාලකයින් විසින් සූරාගෙන කන තත්ත්වයක් උද්ගතව ඇති බවත්, උද්ධමනය බොහෝ ඉහළ ගොස් ඇති බවත්, මහබැංකුව විසින් පෙන්වන්නේ සැබෑ දත්ත නොවන බවත් ඇය අවධාරණය කළාය.
 
නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බවත්, අධිකරණය පිළිබඳ යථාව කතා කළ යුතුම නැති බවත්, එක දුරකථන ඇමතුමෙන් පහල උසාවිවල පවා තීන්දු තීරණවලට බලපෑම් කරන තත්ත්වයක් උදාවී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය
DNP 7718
 
ඡායාරූප -නිශාන්ත ප්‍රියදර්ශන

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us