මෛත්‍රීගේ ආධාරකරුවන්ට වෙඩි තබයි

Published in පුවත්
Saturday, 22 November 2014 09:05

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මග්ගොන, පයාගල ප්‍රදේශයේදී ප්‍රීති උත්සව පවත්වමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට එරෙහිව සිදු වූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන චමිල රණසිංහ කළුතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලට මාරුකොට යවා තිබේ.

අසාධ්‍ය තත්වයෙන් පසුවන ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බවත් වාර්තාවේ.

රතිඤඤා පත්තු කරමින් සිටි විපක්ෂ ආධාරකරුවන් දෙසට මෝටර් රථයකින් පැමිණි හඳුනා නොගත් කණ්ඩායමක් වෙඩි තබා පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි


අලවතුවලට මාවතගම දී ප්‍රහාරයක්


වයඹ පළාත් සභා මන්ත්‍රී සහ විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහතා එජාප ආධාරකරුවන් පිරිසක් සමග රථ පෙළපාලියකින් ගමන් කරන අතර මාවතගම දී ප්‍රහාරයකට ලක්ව ඇත.

ප්‍රහාරයෙන් වාහන 4 කට හානි සිදුව ඇත. ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ මාවතගම ප්‍රා දේශීය දේශපාලනඥයෙකු සහ පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ දී ද ප්‍රචණ්ඩක්‍රියා ගණනාවක් සිදුකළ පළාත් පාලන ආයතන නියෝජිතයෙකු විසින් මෙහෙයවු කණ්ඩායමක් විසිනි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු ව ඇත. එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුපසන් තුවාල හේතුවෙන් කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කොට ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමගම නිදහසේ සිය ප්‍රීතිය බුක්ති විදීමට පසුගිය 20 දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන පිරිසට අවස්ථාව ලැබුණි.

තමන් කැමති අපේක්ෂකයෙකු වෙනුවෙන් සතුට පළ කිරීමට අවස්ථාව යම් පිරිසකට අහිමි කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කිරීමකි.

ඡනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමගම ප්‍රචණ්ඩක්‍රියා වාර්තාවීම පිළිබද 'කැෆේ' සංවිධානය දැඩි කනස්සල්ල පළ කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us