බෝගම්බර බන්ධනාගාරයේ පිළිසකර කිරීම් සිදුකරන අතර තුර එහි වටිනා දැව තොගයක් අතුරුදන්ව ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් තොරතුරු වාර්තා වුණි.
ඒ පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අද දිනයේ ඔහු බෝගම්බර බන්ධනාගාර භූමියට ගොස් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පොලීසිය මගින් සිදුකරන පරීක්ෂණ වලට අමතරව අභ්‍යන්තර විගණන කොමසාරිස්වරයා මගින් ද පරීක්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරතන පල්ලේගම මහතා උපදෙස් ලබා දී ඇත.