මහින්දගෙ හොර ප්‍රචාරක පුවරු 1800ක් කොළඹ පුරවරයේ

Published in පුවත්
Tuesday, 25 November 2014 11:16
කොළඹ මහ නගර සභා සීමාවේ මේ වන විට එක් දහස් අටසීයකට වැඩි (1800) වැඩි මැතිවරණ දැන්වීම් සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ.  මෙයින් බොහෝමයක් කොන්ක්‍රීට්, යකඩ සහ වෙනත් ස්ථීර ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය යොදා සකස් කොට ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට ඇති අවස්ථාවක  එම මැතිවරණයට තරග කිරීමේ අභිලාෂය ප්‍රකාශයට පත් කොට ඇති අපේක්ෂකයින්ගේ කටවුට් සහ පුවරු ප්‍රදර්ශනය නීත්‍යානුකූල වන්නේ නැත. 
 
එපමණක් ද නොව කොළඹ මහ නගර සභාවට අදාළ බදු මුදල් ගෙවීමකින් තොරව මෙම පුවරු ප්‍රදර්ශනය සිදු කොට ඇති බව අප වෙත දැනගන්නට ලැබී ඇත.  මෙමගින් කොළඹ මහ නගර සභාවට හිමි විය යුතු විශාල මුදල් ප්‍රමාණයක් ද අහිමි වේ.
 
මේ පිළිබද සලකා බලා, බදු ගෙවීමකින් තොරව පුවරු ප්‍රදර්ශනය සදහා අවසර දී ඇත්තේ කවුරුන් විසින් ද යන්න සොයා බලා සුදුසු කටයුතු සිදු කිරීමටත්, ඔබගේ පාලන බල ප්‍රදේශයේ බදු මුදල් ගෙවීමකින් තොරව සවි කොට ඇති සියලු පුවරු සහ කටවුට් ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us