අවි ආයුධ ගැන ලංකාව සතු දැනුම බෙදා ගමු

Published in පුවත්
Monday, 17 November 2014 11:24
බිම්බෝම්බ ඉවත් කිරිම සහ අවි ආයුධ පිළිබඳව ශ්‍රි ලංකාව සතුව අැති දැනුම බෙදා ගැනිමට හැකි බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවා හි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි. 
යට හේතු වශයෙන් ඔහු සදහන් කළේ යුද්ධය පැවති සමයේ දි එල්.ටී. ටී. ඊ ය විසින් වළ දැමු බිම් බෝම්බ විශාල ප්‍රමාණයක් මේ වන විට ගොඩගෙන තිබීම සහ  පුද්ගල නාශක බිම්බෝම්බ පිළිබඳව ශ්‍රි ලංකා ආරක්ෂක අංශ සතුව විශේෂ හැකියාවක් සහ දැනුමක් තිබීම යන කරුණුය.
 
සාම්ප්‍රාදායික අවි පිළිබඳ සමුළුවවේ අදහස් දක්වමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවා හි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 
 
මේ අතර මෙම සමුළුවේ දි ලබන වසර සඳහා වූ සභාපතීත්වය ශ්‍රි ලංකාවට බාර දීමද සිදුවුණි. මීට පෙර මෙම සමුළුවේ සභාපතිත්වය ජිනිවා හි පෝලන්ත නිත්‍ය නියෝජිතවරයාට හිමිව පැවතුණි.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රවිනාත ආරියසිංහ මහතා පවසා ඇත්තේ සාමය වෙනුවෙන් වූ එක්සත් ජාතින්ගේ භූමිකාව ශ්‍රි ලංකාව අනුමත කරන බවයි. 
 
ශ්‍රි ලංකාව ද එක්සත් ජාතින්ගේ සංවිධානයේ පාර්ශවකරුවෙක් වන අතර සාමය වෙනුවෙන් විශාල කැපකීරිමක් සිදුකරන බව ද ආරියසිංහ මහතා පවසා අැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us