ඒ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 8ක් දැවිගොස් තිබියදීය.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පළමුවන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 139 ක් ලබා ගත්තේය.
එක්දින තරග 137කට පසු සිය එක්දින කි‍්‍රකට් දිවියේ් මංගල ශතකය වාර්තා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 116කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 139කි.
ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වුයේය.මෙම වසරේදී එක්දින ලකුණු දහස සම්පූර්ණ කළ පළමු පිතිකරුවා ලෙසද මැතිව්ස් අද තරගයේදී වාර්තා පොත් අතරට එක්වීම විශේෂත්වයකි.