නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන් තෘප්තිමත් කිරීමට ක්‍රිකට් බලධාරීන් අසමත් වී ඇති බවට නැගෙන චෝදනා සනත් ජයසුරිය මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කරයි.
ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් තර්ක විතර්ක ඇති විය.
ක්‍රීඩා ඇමති
ඉන්දීය සංචාරයේ දී ලැබූ අන්ත පරාජය පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයා වෙත ඇඟිල්ල දිගු කළ නොහැකි බවට සනත් ජයසුරිය ප්‍රකාශ කළත් අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ ක්‍රීඩා ඇමතිවරයා ඊට සෘජුවම වගකිව යුතු බවයි.
මෙසේ දිගින් දිගටම ක්‍රීඩා ඇමතිවරයාට චෝදනා එල්ල කරමින් සිටියදී අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාට සභාවෙන් බාධා එල්ල වන්නට විය.
ක්‍රීඩාවේ දී ජය පරාජය යන දෙකම පවතින බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේය.
ඉන්දියාවේ දී ලැබූ අන්ත පරාජයට ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු සියලු බලධාරීන් වගකිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසිය.
ඔලිම්පික් සහ රග්බි
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් ඔලිම්පික් කමිටුව ගැනත් පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් විය.
ජාතික ඔලිම්පික් කමිටුව දූෂිත වී ඇති බවට ඩිලාන් පෙරේරා ඇමතිවරයා බරපතළ චෝදනාවක් එල්ල කළේය.
ක්‍රිකට් සහ ඔලිම්පික් පමණක් නොව, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ද පාර්ලිමේන්තු අය වැය විවාදයේ මාතෘකාවක් බවට පත් වී තිබුණි.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තරුණයන් තිදෙනෙකුගේ පාලනයට නතු වී ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනාසිංහ මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක් අත් කර දුන් ඉන්දීය සංචාරයේ වගකීම තමා භාර ගන්නා බව තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...