මරණ දණ්ඩනය නියමවූ ධීවරයින් වෙනුවෙන් ඉන්දීය රජය මැදිහත් වෙයි.

Published in පුවත්
Wednesday, 12 November 2014 10:20
ශ‍්‍රී ලංකාවේදී මරණ දඩුවම නියමවු ඉන්දීය ධීවරයින් පස් දෙනා සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ‍්‍රී ලංකා අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර අැත. කොළඹ මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරියේදී විභාගයට ගැනීමට සුදනම් බවද හින්දු පුවත් පත වාර්තා කළේය. 
මේ අතර තමිල්නාඩු මත් කුඩු ජාවාරම්කරුවන් පස් දෙනාට මරණ දඩුවම නියම කරමින් ලබාදුන් තීන්දුවේ පිටපතක්ද කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ලබා ගන්නා ලදී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සයිඞ් අක්බරුදීන්  මහතා ප‍්‍රකාශ කරන්නේ නීතිමය පියවර ගැනීම සඳහා මෙම පිටපත ලබා ගත් බවය. 
 
මෙතෙක් එම ධීවරයින් ඉන්දියාවේ බන්ධනාගාරයකට යොමු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු ප‍්‍රකාශ කළේය.
 
කෙසේ වෙතත් පසුගියදා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සිදු කෙරුණු දුරකථන සංවාදයකදී මෙම සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබුණි. මෙහිදී  ඉන්දීය ධීවරයින් මදුරාසි බන්ධනාගාරයකට යොමු කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us