චම්පික රණවක සහභාගි නොවේ.

Published in පුවත්
Wednesday, 12 November 2014 10:19

ජාතික සංවිධාන එකමුතුව රැළියට ජාතික හෙළ උරුමය හෝ චම්පික රණවක සහභාගි නොවන බව එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ නිවේදනයක් මගින් දන්වා සිටියි.

ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති මහින්දගේ ජය වෙනුවෙන් පාඨලී,දිනේෂ්, විමල් එකම වේදිකාවකට යන සිරස්තලය යටතේ පළ වූ මාධ්‍ය වාර්තාවන් දැක විමතියට පත් වු බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සදහන් කරයි.

එම ප්‍රවෘත්තියේම ජාතික සංවිධාන එකමුතුවෙන් ඉහත ඇමතිවරු තිදෙනා එක පෙරමුණකට ගැනීමේ උත්සාහයක් දැරෙන බවද ප්‍රකාශ කර තිබූ බවත් 12වන දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට කටයුතු යොදා ඇති ‘‘රට ආපස්සට හරවන පරගැති මෙහෙයුම් පරදවමු“ වූ රැළියක් සංවිධානය කර ඇති බවත් ඒ සදහා සහභාගිවන්නැයි ජාතික සංවිධාන එකමුතුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පෞද්ගලිකවම ආරාධනා කර ඇති බව පුවත්පත්වල දක්වා තිබීම පැහැදිලිවම සාවද්‍ය පුවතක් බව ඔහු අවධාරණය කර සිටියි.

'' ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එවැනි කිසිදු පෞද්ගලික ආරාධනාවක් සිදුකර නොමැත. තවද දුරකතනයෙන් හෝ හමුවී හෝ ආරාධනා කර නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක පෙරමුණක් ගොඩනගමු යැයි ජාතික සංවිධාන එකමුතුව කිසිම අවස්ථාවක අප පක්ෂය සමග හෝ පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කර නොමැත. මේ පිළිබදව ලිඛිත ආරාධනයක් ෆැක්ස් මගින් පසුගිය 10 වනදා ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයට ලැබී තිබුණද මෙවැනි යෝජනාවලියක් හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එය පවත්වන බවට එහි කිසිදු තැනක සදහන්ව නොතිබුණු බවද ජාතික සංවිධාන එකමුතුවේ කිසිදු නියෝජිතයෙකු අප පක්ෂයේ කිසිදු නියෝජිතයෙකු හමුනොවූ බව අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිමු.''

මෙවැනි කටයුක්තක් සංවිධානය කිරීමේ දී අනුගමනය කළ යුතු මූලීක ක්‍රියා පටිපාටිය හා ආචාර්යධර්ම අනුමනය නොකර කටයුතු කිරීම පිළිබදවත් එයට අදාළ වගකිව යුත්තන්ගේ වගකීම් විරහිතභාවය පිළිබදව කනස්සල්ලට පත් වන බවත් ජාතික හෙළ උරුමය පවසයි. 

12 වන දින ජාතික සංවිධාන එකමුතුව මගින් පවත්වන රැළියට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගි නොවනවා මෙන්ම චම්පික රණවක මහතාගේ නම මෙම රැළියේ ප්‍රචාරක කටයුතු සදහා අවභාවිතයේ යෙදවීම පිළිබදව ජාතික හෙළ උරුමයේ නොසතුට පළකර සිටින බවත් දන්වා සිටියේය.

Last modified on Wednesday, 12 November 2014 10:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us