මියන්මාර් රජය විසින් බැර ලෝහ අධික බව හෙළිවීම නිසා ප්රතික්ෂේප කරන ලද රසායනික පොහොර තොගයක් ලංකාවට ආනයනය කර බෙදාහැර ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළි වූයේය.
පාර්ලිමේන්තු මන්ත්රී පී.හැරිසන් මහතා පැවසුවේ මෙලෙස මෙටි්රක් ටොන් 7000ක පමණ පොහොර තොගයක් ආනයනය කර ඇති බවය.
ඒවා දිගුකලක් තිස්සේ බෙදා නොහැර පැවතීම නිසා ගල් ගැසී ඇති බවත්,පසුව කුළුගෙඩි හා බැකෝ යන්ත්ර මගින් ඒවා කුඩුකර බෙදාහැර ඇති බවත් පැවසුවේය.
මෙම පොහොර තොගයෙන් මෙටි්රක් ටොන් 500ක් හැරෙන්නට ඉතිරි සියල්ල පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට නිකුත් කර ඇති බවද ඔහු පැවසුවේය.