චන්ද්‍රිකා 17 දා ගිවිසුමට එළඹේ

Published in පුවත්
Friday, 14 November 2014 10:46

විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර නෛතික අවබෝධතා ගිවිසුමකට ලබන සඳුදා (17දා) අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා‍වෙයි.

මූලික කොන්දේසි සහ එකඟතා ඇතුළත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයන් කණ්ඩායමක් විසින් මෙම ලියවිල්ල සකස් කර තිබෙන අතර, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා පොදුජන සංවිධාන රැසක නියෝජිතයෝ අත්සන් කිරීමට දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය යන දේශපාලන පක්ෂද මේ සඳහා සම්බන්ධකර ගැනීමට සාකච්ඡාකරගෙන යන බවය.

සියලුදෙනා ලිඛිත එකඟතාවකට එළැඹි පසු පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් රටට දැනුම්දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර එක්සත් භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් සඳහන් කළේ මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා දෛනිකව අරලියගහ මන්දිරයට ජනතාව, රාජ්‍ය සේවකයන් 15000 බැගින් ගෙනැවිත් ඡන්ද ව්‍යාපාරයෙන් සියයට හැත්තෑපහක ප්‍රමාණයක් අවසන් කර ඇති බැවින් පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න රටට දැනුම්දීමට හොඳම අවස්ථාව මෙය බවයි.

පොදු අපේක්ෂකයා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව නෛතික ලියවිල්ලකට අත්සන් කිරීම ඉතාම වැදගත් බවත්, අනාගතයේදී ඇතිවිය හැකි ප්‍රශ්න විසඳාගැනීමට එය ඉවහල් වියහැකි බවත් උන්වහන්සේ සඳහන් කළහ.

19 වැනිදා මැතිවරණය ප්‍රකාශට පත්කරන බවට රජය ප්‍රකාශ කර තිබෙන බැවින් ඊට පෙර පොදු අපේක්ෂකයා රටට දැනුම්දීම වැදගත් බවත්, ඒ සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම අතිශයින් වැදගත් බවත් ගිරාඹේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us