මත්තල අාදායමට වඩා වියදම වැඩියි

Published in පුවත්
Thursday, 13 November 2014 11:38

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දා සිට 2014 සැප්තැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 2756 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2013 වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ලබා තිබෙන සමස්ත ආදායම රුපියල් මිලියන 143.79 ක් වුවත් ගුවන්තොටුපල සමස්ත වියදම රුපියල් මිලියන 2900 ක් බව වාර්තා වේ.

2013 වසරේ මාර්තු මාසයේ සිට එම වසරේ දෙසැම්බර් දක්වා ගුවන්තොටුපල සමස්ත ආදායම රුපියල් මිලියන 48.1 ක් වී තිබෙන අතර, එම කාලය තුළදී එහි වියදම රුපියල් මිලියන 1497.84 කි.

2014 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා සමස්ත ආදායම රුපියල් මිලියන 95.78 ක් වී තිබෙන අතර, එම කාලය තුළදී රුපියල් මිලියන 1403.65 ක් වියදම් වී ඇත.

2013 වසරේදී මත්තලට පැමිණි ගුවන් යානා ගණන 760 ක් වන අතර 2014 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා එම ගණන 1028 කි.

එසේම මත්තල ගුවන්තොටුපල තුළ 2013 වසරේදී සේවකයන් 565ක් සේවය කර තිබෙන අතර, මේ වනවිට එම සංඛ්‍යාව 600 ක් බවට පත්ව අැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us