ආණ්ඩුවෙන් යනවාමයි - රතන හිමි

Published in පුවත්
Saturday, 08 November 2014 10:02

තමන් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව 'පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේ' අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

එහිමියන් එසේ කීවේ නොවැම්බර් 4 වැනිදා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති දේශපාලන සංවාදයකට සහභාගි වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් ජයග්‍රහණය කරවාගන්නේ කෙසේද යන්න මැයෙන් පැවැති එම සංවාදයට සහභාගි වූ රතන හිමියන් තවදුරටත් කීවේ තමන් ඉදිරියේදී ආණ්ඩුවෙන් මෙන්ම මන්ත්‍රීකමෙන්ද ඉවත්වීම අනිවාර්ය බවත් තම පක්ෂය ද ඇමතිකම්වලින් හා ආණ්ඩුවෙන් ඉවත්වීම අනිවාර්ය බවත් ය.

ජාතික හෙළ උරුමයෙන් ඇමති පදවියක් දරන්නේ චම්පික රණවක මහතාය. උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් සභාවේ ඇමතිකමක් දරයි. රතන හිමියන් බලවත් ලෙස අවධාරණය කළ ආකාරයෙන් පෙනුණේ ජාතික හෙළ උරුමය නුදුරු අනාගතයේදි ආණ්ඩුවෙන් ගැලවී යාම නියතයක් බවයි.


නුදුරු දිනක මහා ජන රැලියක් කොළඹ දී පවත්වා ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට එරෙහි මහජන බලය පෙන්වීමට තමා සුදානම් බව ද එහිමියෝ එහිදී කීහ.

ඒ අතර පසුගියදා අයවැය දෙවැනිවර කියවීම පිළිබඳ ඡන්ද විමසීමේදී ඇමති රණවක හා රතන හිමියන් ඡන්දය පාවිච්චි නොකිරීමද කැපී පෙනෙයි.


ආණ්ඩුව ඉදිරි වසරක් සඳහා ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තුවට ඇමතිවරයෙකු ඡන්ද පාවිච්චි නොකර සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට මුළුමණින්ම විරුද්ධ වන අතර එවැනි අයෙකු සම්බන්ධයෙන් ඔහු අයත්වන දේශපාලන සන්ධානයෙන් කිසිදු පියවරක් නොගැනීමද ලංකාවේ පමණක් සිදුවන ආශ්චර්යයන් ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us