“දේශගුණ පද්ධතිය සම්බන්ධ මිනිස් බලපෑම ඉතා පැහැදිලිය. මිනිස් ක්‍රියාකාරීකම් නිසා මෑතකදී වායුගෝලයට එක්වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය වාර්තාගත මිනිස් ඉතිහාසය තුළ එක්වූ විශාලතම ප්‍රමාණයයි“ යනුවෙන් වාර්තාව සඳහන් කරයි. විද්‍යාත්මක දත්ත රැසක් සංස්ලේෂණය කොට ග්‍රාපිකව ඉදිරිපත් කරමින් වාර්තාව මෙසේ සඳහන් කරයි. “නිසැකවම වායුගෝලයේ සහ සාගරයේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. හිම සහ අයිස් වල ප්‍රමාණය අඩුවී ඇත. ඉතිහාසෙය් පෙර නොවූ විරූ අන්දමට හරිතාගාර වායු නිකුත්වීම ඉහළ ගොස් ඇත”.
සියලු රාජ්‍යන් එකමුතුව කටයුතු කළෙහාත් දේශගුණ වෙනස් වීම නිසා ඇතිවෙන හානි පාලනය කරගැනීමට හැකිවෙතැයි යන බලාපොරොත්තුවද වාර්තාවේ සඳහන් වෙයි. උෂ්ණත්වය වැඩිවීම සෙන්ටිග්‍රෙඩ් අංශක 2කට නොවැඩි මට්ටමක පවත්වා ගැනීමට නම් ඉදිරි දශක කිහිපය තුළ මිනිස්ක්‍රියාකාරිත්වය නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට නිකුත් කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළ යුතු යැයිද ඒ සඳහා ගතහැකි පියවර තිබේ යැයිද වාරතාව අවධාරණය කරයි. වාර්තාව ලබන වසරේ පැරිසියේ පැවැත්වීමට නියමිත මුල්පෙලේ දේශගුණ විද්‍යා සමුළුවේ තීරණ සම්බන්ධයෙන් සැලැකිය යුතු බලපෑමකට හේතුවෙතැයි අදහස් කෙරේ.
වාර්තාව ඉදිරිපත් කරමින් කථාකළ IPCC මණ්ඩලයේ සභාපති ඉන්දියානු විද්‍යාඥ ආර්.කේ. පචවුරි මෙසේ පැවසීය. “මේ තත්වයට මුහුණ දීම සඳහා විසඳුම් රැසක් අපසතුව ඇත. එහෙත් අවශ්‍ය කරන්නේ වෙනස්වීම් සඳහා නොපසුබට කැමැත්තයි. දේශගුණය වෙනස්වීම පිළිබඳ විද්‍යාත්මක සත්‍ය නිසා ඇතිවන ඥණය එම වෙනසකම් සඳහා අප පොළඹවනු ඇතැයි විශ්වාස කරමු”.
පහත දැක්වෙන්නේ වාර්තාවේ සඳහන් නිගමන වලට තුඩුදුන් ප්‍රධාන සාධක හුවාදක්වන ග්‍රාපික සටහන්ය.
1900-2010 දක්වා සාගර හා ගොඩබිම උෂ්ණත්වයේ සාමාන්‍ය වැඩිවූ අන්දම. ඉහළ සටහනින් වාර්ෂික වැඩිවීමද පහළ සටහනින් එක් එක් දශකයක් පාසා වැඩිවීමද දැක්වෙයි.
1910-2010 දක්වා සාගර ජල මට්ටමේ ඉහළයාම මිලිමීටර් වලින්
1900-2010 දක්වා ආක්ටික් ප්‍රදේශවල ගිම්හාන සෘතුවේ හිම වලින් වැසුනු භූමි ප්‍රමාණය අඩුවීම (වර්ග කිලෝමීටර මිලියන වලින්)
1900-2010 දක්වා වායුගොලයට නිකුත් කළ හරිතාගාර වායු ප්‍රාණයේ වැඩිවීම එක් එක් වායු වර්ගය අනුව. කහපාටින් දැක්වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් (CO2 ) වායු ප්‍රමාණයයි