''මංගල ආණ්ඩුවට යන්නේ නැහැ'' - කරු Featured

Published in පුවත්
Sunday, 09 November 2014 09:32

මංගල සමරවීර මහතා පක්‍ෂයේ ඇතැම් සිදුවීම් නිසා යම් යම් සිත් තැවුල් ඇතිකරගෙන සිටින නමුත්, තමාගේ විශ්වාසය අනුව ඔහු කිසිදාක යළි ගිලෙමින් යන සන්ධාන ආණ්ඩු නැවට ගොඩනොවන බව ස්ථිර යයි එජාප නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

ඉරිදා දිවයින පුවත්පතට අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කර ඇත.


''මංගල සමරවීර මහතා ඉතා දක්‍ෂ පුද්ගලයෙක්‌. මේ පක්‍ෂය ජයග්‍රහණය කරා යන ගමනට ඔහුගේ සහයෝගය අපි ලබාගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සිට කනිෂ්ඨම සාමාජිකයා දක්‌වා හැම කෙනකුගේම සහයෝගය පක්‍ෂයට අවශ්‍යයි.

මා අදත් ඔහු සමග සාකච්ඡා කළා. එතුමා මේ පක්‍ෂය සමග එකතු වුණේ ජාතික වගකීමක්‌ ඉටු කිරීම සඳහායි. ඒ අරමුණින් ඔහු අදටත් ඉවත් වී නැහැ. ජනාධිපතිවරණයේදී එතුමාගේ පූර්ණ සහයෝගය අපට ලැබෙනවා.'' යයි ද ජයසුරිය මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us