පසුගියදා කොලොම්බියාවේ සිදුකළ සංචාරයකදී කාටජිනා නම් නගරයේදී චාල්ස් කුමරු විසින් සමරු ඵලකයක් නිරාවරණය කළේය .
මෙම සමරු ඵලකය නිරාවරණය කරන ලද්දේ 1741 දි බි්රතාන්ය නාවික හමුදා ජෙනරාල්වරයෙකු විසින් ස්පාඤ්ඤ හමුදා කඳවුරකට එරෙහිව එල්ල කළ ප්රහාරයක් සිහිපත් කරමින්ය .
කෙසේ වුවත්, කාටජිනා නගරයේ ජීවත් වන්නන් ගෙන් බහුතරයක් ස්පාඤ්ඤ සම්භවයකින් පැවතෙන්නන්ය.
තමන්ගේ ආදි නායකයෙකුගේ මරණය සම්බන්ධයෙන් කළ මෙම සැමරීමට ඔවුන් විරෝධය පළ කර අැත.