News Items (18842)
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම් වූ තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.
කන්දෙන් තැන්නට ගිය ලක් වැසි මිනිසා යළි කන්දට නැග කන්දෙන් බැස තැන්නට ඇවිත් නතර වන්නේ ජන සම්මත යුගයේය. ජන සම්මත යුගයෙන් යළි රාජසම්මත ආවේගයක් සමග පැරණි රජ නුවරක් යළි අගනුවරක් කර ගත්තේය. ඒ කෝට්ටේ රාජධානියට නව සලුපිලි ඇන්දවීමෙන්ය. පුදුමය වන්නේ කෝට්ටේ පා තැබූ විගස උතුරු ලංකාව රාජ සම්මත යුගයේ ආවේගයක් ගෙන එළාර දැක්මෙන් වෙන රටකට කදවුරු බැද ගැනීමත්ය. එ කදවුර එහේ බැදෙන විට නව කෝට්ටේ යුගයට ද ඉතිහාස ආවේගය බැදෙන සැටිය. මේ සියල්ල දෙස බලන විට පෙනෙන්නේ ලංකා දුපත ජාතික වර්ග විදියට බෙදෙන සැටිත් එය රටාවකට, රිද්මයකට වෙන හැටියත්ය.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනා ගෙන ඇත.
ක්ෂණික නූඩ්ල්ස් කන්නෙ බලාගෙනයි, අහිතකර රසායනිකයක් පිළිබඳ පරීක්ෂණ
මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම් ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය තීරණය කොට තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබන මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කර තිබේ.
වසා දැමුණු ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමේ ක්‍රමවේදය යළිත් වතාවක් අර්බුදයට ලක්‌ව තිබේ.
වැලිකඩ බන්ධනාගාරයට හමුදා අනුකණ්ඩායම් ඇතුළත් වී එහි සිටි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට පත්කළ ස්වාධීන කමිටුවේ පරීක්ෂණ අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්‍ෂයට එක්‌වීමට නියමිතය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යටතේ විමර්ශනවලට මුහුණදුන් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමා තරම් කැපකිරීම් කළ අයෙකු තවත් නොමැති බවත් වෙනත් එවැනි අයෙක් සිටී නම් තමන්ට පවසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
