වර්තමානයේ උද්ගතව ඇති සංක‍්‍රමණික අර්බුදය පිළිබද සාකච්ඡා කිරීම සදහා අග්නිදිග ආසියානු රටවල ඉහළ පෙළේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.

අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් වෙනුවට වෙනත් ශ්‍රිලනිප අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

අල්ලස් හා  දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට  එරෙහිව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක් ලෙස දීමනා ලබාගැනීම සම්බන්ධයෙන්  වූ   චෝදනා අසත්‍ය බව  අල්ලස් කොමිසම තීරණය කොට  තිබේ.

සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක මණ්ඩල විසින් සිදුකළා යයි කියන අක්‍රමිකතා, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැනිදෑ සොයා බැලීම සඳහා අධිනීතිඥ රවී අල්ගම, අධිනීතිඥ ජාලිය බෝධිනාගොඩ සහ නීතිඥ වරුණ මල්ලවආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විමර්ශණ මණ්ඩලයක් පත්කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ උත්සාහයේ පෙරමුණ ගෙන සිටින්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ සංවිධායකවරුන් වන නිසා ඊට වෙනස් මතයක සිටින පක්ෂයේ පහළ පෙළේ ක‍්‍රියාකාරීන් වෙනම සංවිධානය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අගමැති සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක් යැවීමට සූදානම් වේ.

ජාතික විධායක සභාව වහාම අවලංගු කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වේ.

අච්චාරුවක් වී ඇත්තේ ආණ්ඩුව නොව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ මොළය බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය දා කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී සරත් නන්ද සිල්වා මහතා කළ විශේෂ දේශනයක දී වත්මන් ආණ්ඩුව අච්චාරුවක් යැයි පළ කළ අදහස් පිළිබඳව ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා නොදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පවසා තිබේ.

පැරදී ගෙදර ගිය හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බෝධි පූජා සංදර්ශනයක් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ශ්‍රී ලනිප පාක්ෂිකයන් වෙත යවා තිබෙන ලිපියක දැක්වෙන්නේ "අපගේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා"සහභාගී වන බෝධි පුජා පිංකමක් ගැනය.

Connet With Us