විදේශ රැකියා නිසා අගතියට පත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට වන්දි(photos)

Published in පුවත්
Thursday, 28 May 2015 15:40

විදේශ රටවල සේවයේ යෙදෙන අතරතුර නැසී ගිය සහ ආබාධිත වූ ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ පවුල් වෙත වන්දි මුදල් ලබාදීමේ වැඩසටහන අද (28)විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාශයේ පැවැත්වුණි.

නැසී ගිය හා අබාධිත වූ ශ්‍රමිකයන්ගේ පවුල් 33 කට රුපියල් මිලියන 50 ක මුදලක් චෙක්පත් මගින් බෙදා හරින ලදී.

මෙහිදී අදහස් දක්වමින් මංගල සමරවීර මහතා පැවසුවේ විදෙස් රටවල සේවයේ නියැලීමේදී විවිධ අනතුරු හා අබාධ වලට මුහුණ දෙන ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වලට ලැබිය යුතු නිසි වන්දි මුදල් ලබා දීම විදේශ කටයුතු අමාත්‍යාශයේ කාර්යභාරය මෙන්ම වගකීමක් බවයි.

එලෙස අගතියට පත් ශ්‍රමිකයන් වෙනුවෙන් ඒ ඒ රටවල් වල නීති රීති වලට අනුව ලැබිය යුතු වන්දි මුදල් ලබා දීම සදහා කොන්සියුලර් අංශය සහ විදේශ තානාපති කාර්යාල පියවර ගෙන ඇත. විශේෂයෙන්ම සවුදි, කටාර්, ජෝර්දාන හා මැලේසියානු තානාපති කාර්යාල වල උපදෙස් මත සහ අදාල රටවල් සමග සාකච්ඡා කර ඉක්මනින් සහන ලබා දීමට කටයුතු කරන ලදී

එසේම විදේශ විනිමය උපයන්නන් අතර ප්‍රධාන පාර්ශවයක් වන මෙම ශ්‍රමිකයන් ලංකාවට ගෙන එන විදේශ විනිමය කිසිසේත් අමතක කල නොහැකි බවත් ඔවුන්ගේ පවුල් මෙන්ම තම රටත් වැඩි දියුණු කිරීමට ගනු ලබන අසීමිත උත්සහයන් අගය කළ යුතු බවත් සමරවීර මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතීන් රැක ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බවත් මෙහිදී සදහන් කළේය.

3

2

4

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us