ඇයට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් කොමිසමේ සභාපතිවරයා වෙත පසුගිය අප්‍රේල් මස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ 2003 - 2008 කාල වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේද නීති උපදේශකවරියක් ලෙස දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල විය.
කෙසේවෙතත් එම පැමිණිල්ල පිළිබඳ විභාග කිරීමට කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි ගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව එම චෝදනා අසත්‍ය බව තීරණය කර තිබේ.