News Items (18842)
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් කටයුතු කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය අද(01) දින මූල්‍ය වංචා විමරශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිය.
බිලියන් 28න් කෙළේ මොක්කද? රනිල් - ඒක 55න් කොටසක් නෙවෙයි - මහින්ද
මහාමාර්ග ඇමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් බිලියන 55න් 28කට සිදුවූයේ කුමක්දැයි යන්නට ඔහු පිළිතුරු දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂා මහතා 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' උත්තරයක් දී තිබේ.
පසුගිය රජයේ දේශපාලනඥයන් විසින් රටින් වසං කළ දේපොළ හා වත්කම් පිළිබඳ සොයා බැලීමේ කටයුතුවලට උපදෙස් ලබාදීමට ඇමරිකා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
හිටපු ජනපතිගේ පන්සල් දේශපාලනය හෙළාදකින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.හිටපු ජනපතිගේ මෙම ක්‍රියාවලිය නිසා පක්ෂය මෙන්ම බෞද්ධ සංස්කෘතියත් විනාශයට අැද දමන බව ඔහු පැවසුවේය. ඔහු මේ බව පැවසුයේ ඊයේ (30) අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ය.
නැවතත් රට තුළ ඞී.එස්. සේනානායක යුගයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තවදුරටත් විනයගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම් බිහි නොකරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
තඹුත්තේගම, නිරාවිය සත්ව ගොවිපොළේ සේවකයින්ට ගෙවීම පැහැර හැර ඇති අර්ථසාධක මුදල් ගෙවන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරයට අධිකරණය විසින් නියෝග කර තිබේ.
1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ පත්කිරීම් සිදුකර ඇත.
ශිෂ්‍ය ව්‍යාපාරය සහ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම යහපාලනයද?
වත්මන් රජය විසින් ශිෂ්‍ය ව්‍යාපාර සහ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් මේ නිසා ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට සාහසික පහරක් එල්ල වී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
