රටින් පිට කළ වත්කම් සෙවීමට ඇමරිකාවෙන් එති

Published in පුවත්
Monday, 01 June 2015 06:56

පසුගිය රජයේ දේශපාලනඥයන් විසින් රටින් වසං කළ දේපොළ හා වත්කම් පිළිබඳ සොයා බැලීමේ කටයුතුවලට උපදෙස්‌ ලබාදීමට ඇමරිකා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

එසේ පැමිණි ඇමරිකානු නිලධාරීන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මුණගැසී තිබේ.

දැනට ක්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණ කටයුතුවලට අවැසි සහාය ලබාදීමට හා ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවන විමර්ශන කටයුතුවලදී විශේෂයෙන් ඇමරිකාව පදනම් කරගත් විමර්ශනවලදී ඒ සඳහා සෘජුවම මැදිහත් වීමටත් ඔවුහු කැමැත්ත පළ කර ඇත.

ඇමරිකා නිලධාරීන්ගේ පැමිණීම පිළිබඳ නිල තොරතුරු එසේ වුවත් දැන ගැනීමට ලැබී තිබෙන පරිදි ඔවුන්ගේ පැමිණීම පසුගිය රජය සමයේ ඇමරිකාවේ සේවය කළ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමේ අරමුණින්ද සිදු වූවකි. මෙම පුද්ගලයා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල යෙදෙන මුවාවෙන් තම වෘත්තීමය තත්ත්වයට නොගැළපෙන ක්‍රියාකාරකම් වල නිරත වී අතිවිශාල මුදල් සම්භාරයක්‌ උපයාගෙන ඇති අයුරු පිළිබඳ තොරතුරු දිවයිනට පැමිණි ඇමරිකා නිලධාරීන් විසින් රජයට හෙළිකර ඇතැයිද පැවසේ.

මෙම පරීක්‍ෂණ සඳහා ඉන්දියාවද සහාය ලබාදෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

divaina

Last modified on Monday, 01 June 2015 07:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us